පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    හිස් ආවරණයක පැළඳීමේ ඇති වැදගත්කම පිළිබදව යතුරුපැදිකරුවන් දැනුවත් කිරිමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක්

    මාර්තු 13, 2021

    යතුරුපැදි භාවිතයේදි හිස් ආවරණයක පැළඳීමේ ඇති වැදගත්කම පිළිබදව යතුරුපැදිකරුවන් දැනුවත් කිරිමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක් ආරම්භ කෙරේ.

     

    ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන පාර්ශවකරුවන් වන්නේ යතුරුපැදි ධාවකයින් ය. එම නිසා යතුරුපැදි ධාවකයින් ඉලක්ක කර ගනිමින් යතුරුපැදි ධාවනය කළ යුතු ආකාරය සහ යතුරුපැදි භාවිතයෙදි ප්‍රමිතියෙන් යුතු හිස් ආවරණයක් පැළඳීමේ ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් පාරිභෝගික සේවා අධිකාරිය සමග එක්ව පැවැත්වීමට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව කටයුතු සුදානම් කර ඇත.


    එහි සමාරම්භක අවස්ථාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා සහ සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-03-15 දින පෙ.ව. 9.00ට ගාලු මුවදොර පිටියේ වන් ගෝල් ෆෙස් (One Galle face) සංකීර්ණය ඉදිරිපිටදි ආරම්භ කිරිමට කටයුතු සුදානම් කර ඇති අතර එම වැඩසටහන දීප ව්‍යාප්තව ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya