පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට එන්නත් ලබා දීම අරඹයි

    මාර්තු 13, 2021

    පසුගිය දා කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000 ප්‍රමාණය වසය අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

     

    ඒ අනූව මෙහි පළමු එන්නත්කරණ වැඩසටහන (12), සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී සහ මාලබේ කොතලාවල පුර වැඩිහිටි නිවාසයේදි ආරම්භ කෙරිණි.

    මෙහි පළමු එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්ක වල සහ කොළඹ මහ නගර සභා සීමාව තුළ වෙසෙන වැඩහිටියන් ඉලක්ක කර ගනිමින් ලබාදීමට සැළසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

    එමෙන්ම මෙම වැඩපිලිවෙළට සමගාමීව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ තිබෙන වැඩිහිටි නිවාස වල සේවය කරන පාලිකාවන්ට සහ වැඩිහිටියන් බලා ගන්නා කාර්යමණ්ඩල වලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග මහත්මිය , වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා,UNISEF ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya