පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සෝදිසි මෙහෙයුමකදී තහනම් භාණ්ඩ රැසක් හමුවේ

    මාර්තු 13, 2021

    කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිතුමාගේ ඉල්ලීමකට අනුව බන්ධනාගාර සෝදිසි රාජකාරියේ යොදවා සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන්, වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් හා බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් යොදවා  (11) දින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

     

     

    කරන ලද සෝදිසි මෙහෙයුමේදී Nokia TA 1174 බැටරිය සහිත කුඩා ජංගම දුරකථන 02 ක්, Samsung බැටරි සහිත කුඩා ජංගම දුරකථන 03 ක්, Hutch සිම් පත් 04 ක්, Dialog සිම් පත් 03 ක්, Airtel සිම් 04 ක්, චාජර් කේබල් 01 ක්, අමතර ජංගම දුරකථන බැටර් 02 ක්, බැටරි චාජර් 02ක්, කතුරු 02ක්, දුම්කොළ කැබලි කිහිපයක්, කුඩා පන්දම්, යකඩ පතුරු 02 ක්, පොඩි හෙරොයින් පැකට් 21 ක්,ලොකු හෙරොයින් පැකට් 07 ක්, හෙරොයින් යැයි සැක සහිත කුඩු වැනි යමක් බහාලූ පිත්තල පැහැති බහලුම් 01 ක් ද සොයා ගෙන ඇති අතර සොයාගන්නා ලද භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ හා ඉදිරි කටයුතු සඳහා යොමුකර ඇති බව චන්දන මහතා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya