පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    දේශගුණික සාධක මත විදුලිබල ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සදහා මාලදිවයින් - ශ්‍රි ලංකා ද්වීපාර්ශවික සාකච්ඡා

    මාර්තු 13, 2021

    ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් සහ හෙදියන්ට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබාදීමේ සූදානමක් ...

    ශ්‍රී ලංකාවේ දේශගුණික සාධකයන්ගෙන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයට ලැබෙන්නාවූ පිටිවහල සහ දේශගුණික තත්ත්වයන් මත විදුලිබල ක්ෂේත්‍රයේ ඇතිකළ හැකි ප්‍රවර්ධනයන් පිළිබදව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ මාලදිවයින් මහකොමසාරිස් Omer A. Razak මහතා අතර විශේෂ නිල සාකච්ඡාවක් පැවැත්විනි.

    ශ්‍රී ලංකාව තුල පවතින්නාවූ සමතුලිත කාලගුණික තත්ත්වයන් පිළිබදවත්, වසරේ එක් එක් කාලසිමාවන් තුළ කාලගුණික සහ දේශගුණික සාධකයන්ගේ විචල්‍යයන් පිළිබදවත් විදුලිබල අමාත්‍යවරයා වෙතින් කරුණු පැහැදිළි කරගත් මාලදිවයින් මහකොමසාරිස්වරයා, මෙම තත්ත්වයන් බොහෝ දුරට තම රට හා සමාන බව පැවසිය. එසේම මෙම දේශගුණික තත්ත්වයන් විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි ආකරය පිළිබදව විදුලිබල අමාත්‍යවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට යමින් මේ වනවිට පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවී ඇති බව පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, වියලි දේශගුණික තත්ත්වයන් ඉලක්ක කර ගනිමින් සූර්ය බලය මෙන්ම සුළං බලය යොදා ගනිමින් විදුලිය නිපදවීමේ රටාවකට තමන් මේ වනවිට යොමුවී ඇති බවද මාලදිවයින් මහා කොමසාරිස්වරයාට කරුණු පැහැදිළි කළේය. මෙරට විදුලි ඉල්ලුම අඛණ්ඩව, ගුණාත්මකව මෙන්ම මිල අවම ආකාරයෙන් සපුරාලීමේ භාරධූර කර්තව්‍යය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමා වෙත පැවරි ඇති බවත්, ඒ වෙනුවෙන් මේ වනවිට සැලසුම් සහගත ආකාරයෙන් මිල අවම මෙන්ම අඛණ්ඩ, ගුණාත්මක විදුලි සැපයුමක් ලබාගත හැකි විවිධ දිශානතීන් හඹා යමින් සිටින බවත් මෙහිදී වැඩිදුරටත් මහකොමසාරිස්වරයාට කරුණු දක්වමින් පැවසීය.

    දකුණු ආසියාවේ පැය 24 පුරාවටම විදුලිය සපයන රට බවට විරුදාවලි ලත් ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය පිළිබදව සතුටට පත්වන බව පැවසූ මාලදිවයින් මහකොමසාරිස්වරයා, විදුලිබල අමාත්‍යවරයා වශයෙන් එහිලා ඉටුකරනු ලබන සුවිශේෂි මෙහෙය පිළිබදව ඩලස් අලහ්පපෙරුම මහතාට කෘතඥතාවය පළකර සිටියේය.

    නව රජය යටතේ සංවර්ධනයේ මාවතට පිවිස සිටින ශ්‍රී ලංකාවට දක්වන ගෞරවයක් වශයෙන් මෙන්ම, මාදිවයින සහ ශ්‍රී ලංකාව චිරාත් කාලයක් පුරාවට පවත්වාගෙන එනු ලබන ද්වීපාර්ශවිය සබදතා තවදුරටත් තහවුරු කරනු වස්, ශ්‍රී ලංකාවේ විශ්‍රාමික වෛද්‍යවරුන් සහ හෙදියන් වෙනුවෙන් තම රටේ රැකියා අවස්ථා උදාකර දීමට කටයුතු කළහැකි බවද, පසුගියදා විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම නිල සාකච්ඡාවේදී මාලදිවයින් මහා කොමසාරිස්වරයා අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya