පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    සීනි සඳහා පනවා තිබූ ආනයන බදු අඩුකිරීමෙන් රජයට කිසිදු අදායම් අහිමි වීමක් සිදු වී නෑ-මුදල් අමාත්‍යංශයේ ලේකම්

    මාර්තු 12, 2021

    සීනි සඳහා පනවා තිබූ ආනයන බදු අඩුකිරීමෙන් රජයට කිසිදු අදායම් අහිමි වීමක් සිදු වී නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

    ඒ් මහතා මේ බව පැවසුවේ අද(12) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

     

    මහජනතාව වෙනුවෙන් බදු අඩු වැඩි කිරීමේ අයිතිය රජයට පවතින බවත් ඒ් අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ රජය සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු 50 සිට සත 25 දක්වා අඩු කළ බවත් පැවසූ ආටිගල මහතා එමගින් රජයට රුපියල් බිලියන 15.9ක අලාභයක් සිදු වී ඇතැයි සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව අවධාරණය කළේය.

    රජය විවිධ අවස්ථාවල විවිධ බදු සංශෝධනයන් සිදු කරන බව පැවසූ ලේකම්වරයා පසුගිය ඔක්තොම්බර් මාසයේදී භාණ්ඩ සහ එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබූ බැවින් සීනි, පරිප්පු , ළුූණු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල පහත දැමූ බවයි.

     

    මසකට සීනි මෙට්ට්‍රික් ටොන් 55,000ක් පමණ මෙරට ගෙන්වන බවත් වෙළෙඳපොළ කිසිදු හිගයකින් තොරව සීනි ලබා ගත හැකි බවද පැවසූ ඒ් මහතා මෙම සත25 බදු මුදල තවම වෙනස් කර නොමැති බවත් රු 135ට පැවති සීනි කිලෝවක් අද රුපියල් 115 දක්වා අඩු වී ඇතැයිද කීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ලේකම්වරයා පැවසුවේ දේශීය නිෂ්පාදන පිළිබඳව මෙම රජය සම්පූර්ණ විශ්වාසය තබා ඇති බවයි. එතනොල් ආනයනයන සම්පූර්ණයෙන්ම රජය තහනම් කර ඇති අතර පැලවත්ත ,සෙවණගල සීනි කර්මාන්තශාලා මේ වන විට ලාභ ලබන ආයතන බවට පත් වී ඇතැයිද පැවසූ ඒ් මහතා දේශීයව නිෂ්පාදනයට මුල් තැන දෙමින් රතු සීනි ආනයනය රජය සීමා කර ඇතැයිද කීය.

    කහ සහ උඳු ආනයනය කිරීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ආටිගල මහතා පැවසුවේ මෙවර උඳු මෙට්ට්‍රික් ටොන් 10,000ක් අස්වැන්නක් ලැබුණු බවත් කිසිවෙක් ඒ් සම්බන්ධයෙන් කතා නොකරන බවයි.

     

    වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා පැවසුවේ වසංගත තත්වය හේතුවෙන් සංචාරක ඉපැයීම වැනි ආදායම් මාර්ග අඩු වි ඇති බවත් එහෙත් රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත් වන විට මෙම තතත්වය කළමණාකරණය කර ගත හැකි බවයි. මේ සම්බන්ධයෙන් වාහාන ආනයනකරුවන් සමග අවශ්‍ය සාකච්ඡා සිදු කර ඇතැයිද කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya