පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග අවට තිබෙන අවිධිමත් විදුලි කණු ඉවත්කිරීමේ සූදානමක්

    මාර්තු 13, 2021

    විදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ සුදු වර්ණය ආලේපකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡාකොට ඉක්මනින් වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.


    අමාත්‍යවරයා නිළධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නෙ පාර්ලිමේන්තුවේදී පැවති විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. මාර්ග පුළුල් කොට සංවර්ධනය කිරීමේදී පැරණි විදුලි කණු ඉවත්කිරීම ඇතැම් ප්‍රදේශවල නිවැරදිව සිදු වී නොමැති බැවින් විදුලි කණුවල ගැටී මාර්ග අනතුරු සිදුවන බවත් මේ සඳහා ඉක්මනින් විසදුමක් අවශ්‍ය බවත් පැමිණ සිටි මන්ත්‍රීවරු කමිටුවේදී යෝජනා කළේය. විශේෂයෙන් තරුණ ජීවිත බොහෝ ප්‍රමාණයක් මෙවැනි අනතුරු නිසා අහිමිවන බවත් මෙහිදී ප්‍රකාශ වූ අතර
    මාර්ග ආසන්නයේ පවතින විදුලි කණු සඳහා සුදු වර්ණය ආලේප කිරීම සෑම ප්‍රදේශයකම සිදුකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී මන්තීවරුන් විසින් පෙන්වා දෙනලදි.

    මේ අනුව හැකි ඉක්මනින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡාකොට මේ සඳහා පිළියම් යොදන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    එසේම සූර්ය බලශක්ති පුවරු මිලදීගැනීමට ටෙන්ඩර් කැඳවීම් වලදී අක්‍රමිකතා සිදුව ඇත්නම් එම අක්‍රමිකතා සඳහා සම්බන්ධ නිලධාරීන් සීටීනම් ඔවුන්ට සහ එම ආයතනවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවදකමිටුවේදී සාකච්ඡා කෙරුණි.

    එසේම ප්‍රාදේශීය වශයෙන් සිදුවන විදුලිය බිදවැටීම් පිළිබඳව ද, ප්‍රදේශ කිහිපයකට විදුලිබල මණ්ඩලයට අයත් අනු ආයතන ඇතිකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද, උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක නිවෙස් සඳහා විදුලිය ලබාදීමපිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේය.

    මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, මොහාන ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතාවගේ, ප්‍රේමලාල් ජයසේකර, සෙල්වරාජා කජේන්ද්‍රන්, චාල්ස් නිර්මලනාදන්, ගයාශාන් නවනන්ද, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya