ඒ මහතා මේ බව කියා සිටියේ (13) දින මෙතෙක් විශාල ගැටලුවක්ව පැවති හෝමාගම - මීගොඩ ප්‍රදේශයේ ජල පහසුකම් නොමැති නිවාස විශාල ප්‍රමාණයකට ජලය
ලබා දීමේ ව්‍යාපෘතියකට සහභාගී වෙමිනි.
මේ වන තෙක් ජල පහසුකම් ලබා දීම සිදු කෙරුණු කොන්ත්‍රාත් ක්‍රමය අහෝසි කරමින් ප්‍රමාදයකින් තොරව ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව මිනිසුන්ට ජලය කඩිනමින් ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බවත්, එමඟින් ජනතාවට ලබා ගැනීමට මෙන්ම නිළධාරීන්ට ද ප්‍රමාදයකින් තොරව ජලය ලබා දීමටත් හැකි වනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, ඉදිරියේ දී ජල පහසුකම් ලබා ගැනීමට අයදුම් කොට බොහෝ කල් බලා නොසිට ජල අයදුම් කිරීමේ සිට සියලු ක්‍රියාවලි නිවසටමවිත් සිදු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණයට අනුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවත්, අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
එමෙන්ම, ප්‍රමාණවත් පරිදි වර්ෂාව ලැබීම ආරම්භ වී ඇති හෙයින් කිසිඳු ජල කප්පාදුවක් සිදු නොකෙරෙන බව ද ඒ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජලසම්පාදන මණ්ඩලයේ බස්නාහිර-මධ්‍යම සාමාන්‍යධිකාරී ඉංජිනේරු ඒ.කේ කපුරුගේ, සහ අතිරේක සාමාන්‍යධිකාරී, ප්‍රදේශය භාර ව්‍යාපෘති ඉංජිනේරුවරුන්, ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලිශාන්ත පෙරේරා ඇතුළු ප්‍රදේශයේ ජනතාව අවස්තාවට සහභාගී වූහ.