වර්තමානයේ නුවර නගරයට හා තදාසන්න ප්‍රදේශවල ඇතිවී ඇති වායු ගෝලය දූෂණය වීමේ තත්ත්වය පිළිබඳව මහාචාර්යවරු හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ විද්වත් කතිකාවතක් (13) දිනයේ මධ්‍යම පළාත් මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේදී පැවැත්වීය.
මෙහිදී වායුගෝලීය දූෂණ තත්වයන් පිළිබඳව නිසි දත්ත ලබාගත හැකි ආකාරයන් පිළිබඳව, මිනුම් මාපකයන් පිළිබඳව, මෙම තාක්ෂණය වැඩිදියුණු කරන ආකාරය පිළිබඳව සහ මෙම දූෂණ තත්වයන් තත්වයන් අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම මෙය ලංකාවට බලපාන විශාල ගැටළුවක් හෙයින් නැවතත් පරිසර අමාත්‍යාංශයේ දී රැස් වී විද්වත් කතිකාවතක් පැවැත්වීමට ද යෝජනා විය.