වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ හඳුනා ගනු ලැබූ ග්‍රාමීය වැව් අමුණු සහ වාරි ඇල මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සක්‍රීයව කොට ඇති අතර, රුපියල් මිලියන 8.6 ක් වැයකොට ප්‍රතිසංස්කරණය කරන වෙලන්ගහවෙල වැව, ලියන්ගහතොට අමුණ දක්වා දෙපස සරුසාර කරමින් ගලා බසිනා කොස්අතු ආරටද උපත සලසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මාස තුනක් ඇතුළත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරිමට උපදෙස් ලබා දී ඇති අතර පදලංගල වැවෙන්, රක්ෂිත දිය බුබුළකින් සහ අහස් දියෙන් මේ දක්වා ගබඩා කරගත් ප්‍රමාණයට වඩා වැඩි ජල ධාරිතාවයක් ගබඩා කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරේ. එය වැව ආශ්‍රිතව ජීවනෝපාය කර ගත් ප්‍රජාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක්ද වී තිබුණි.
ශ්‍රී නිගෝධාරාම විහාරස්ථාන විහාරාධිපති ශ්‍රී ජනානන්ද මූලික පිරිවෙන් කෘත්‍යාධීකාරී පූජ්‍යපාද කදුරුගස්ආරේ සෝමානන්ද ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති, මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ, ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සමග ගොවි සංවිධාන නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.