අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
මද්‍රසා පාසල් 1965 ක් පමණ රට පුරා තිබෙන බවත් මෙම පාසල් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය. විදේශ රටවලින් 600ක් පමණ පුද්ගලයින් මෙම පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා පසුගිය රජය සමයේ මෙරටට පැමිණ ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම පාසල් නියාමනය සඳහා පසුගිය රජය කිසිදු ක්‍රියාමාර්ගය නොගත් බවද කීය.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ බුද්ධි අංශය සහ ආගමන විගමන අංශ සමග සම්බන්ධ වී විදෙස් රටවල සිට පැමිණෙන මෙවැනි පුද්ගලයින් පිළිබඳව නිසි විමර්ශනයකින් පසු වූ බවත් එහෙත් පසුගිය රජය ඒ සියල්ල නවතා දැමූ බවද කීය.