පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    සුදුසුකම් ලැබූ පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබා දීමට කටයුතු කරනවා- මහජන ආරක්ෂක අමාත්‍ය

    මාර්තු 15, 2021

    මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

    පොලීසියේ මූලික වශයෙන් විසඳිය යුතු ගැටලු කිහිපයක් හඳුනාගෙන තිබෙන බවත් ඉන් එක් ප්‍රධාන ගැටලුවක් ලෙස උසස් වීම් සම්බන්ධ ගැටලුව හඳුනා ගෙන ඇත.
    එහිදී නිසි ක්‍රමවේදයක් නොමැති බැවින් වසර ගණනාවක් තිස්සේ පොලිස් නිලධාරීන් හට උසස්වීම් ලැබී නොමැති අතර ඔවුන් මානසික පීඩාවට ලක් වී ඇති බවත් අමාත්‍යතුමා පෙන්වා දී ඇත.

    එම නිසා පොලිස් පරීක්ෂකවරුන් හැටතුන් දෙනෙක් පමණක් සහකාර පොලිස් අධිකාරී නිලයට පත් කිරීමට තීරණය වී තිබූ නමුත් තමන් ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කර එම සංඛ්‍යාව 209ක් දක්වා ඉහළ නංවා ගත් බවත්, පොලිස් නිලධාරීන්ගේ ආහාර දීමනාව ලබා දීමටත් කඩිනමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya