පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    මහල් 68 කින් යුත් ඇල්ටෙයාර් (Altair) බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කෙරේ

    මාර්තු 16, 2021

    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ දී 2012 වසරේ දී ඉදිකෙරුණු කොළඹ, කොම්පඤා්ඤාවීදියේ පිහිටි ඇල්ටෙයාර් (Altair) බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

    පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී මෙම සංවර්ධන ව්‍යාපෘතිය අතරමග නතර කෙරුණු අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීම මත මෙම ඇල්ටෙයාර් ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු කඩිනම් කෙරිණ.

    ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.

    අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.

    මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ කමිටුවක් පත්කළ අතර වසර 05 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට හැකිවීම විශේෂත්වයකි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර මුදල් වියදම් කර තිබෙන නිවාස හිමියන්ට එම නිවාස ලබාදීමට කටයුතු කරන ලෙසයි.

    නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ කොළඹ නගරයේ ඉදිවන ඉතාමත්ම සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන ගොඩනැගිල්ලක් මෙසේ විවෘත කළ බවයි.

    “අද විවෘත කරන්නේ ඇල්ටෙයාර් ගොඩනැගිල්ලයි. මෙය 2011 වසරේ ලබාදුන් අවසරය මත 2014 වසරේ වැඩ කරගෙන ආපු ව්‍යාපෘතියක්. අපේ වර්තමාන ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සිටිය දී ආරම්භ කළ ව්‍යාපෘති රාශිය අතරේ එක් ව්‍යාපෘතියක්. විවිධ හේතු නිසා 2015 වසරේ සිට මෑතක් වෙනතුරු යම්කිසි ආකාරයකට ප්‍රමාද වූ ව්‍යාපෘතියක් මෙය. ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත බලයට ආවාට පස්සේ ජනාධිපතිතුමාත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් වූ සිරිනිමල් පෙරේරා මහතාත් එකතුවෙලා ආයෝජකයන් සමඟ සාකච්ඡා කර සංවර්ධන කටයුතු වේගවත් කරන්න කටයුතු කළා. මෙහි ප්‍රධානතම ආයෝජකයන් වන්නේ ඉන්දීය සමාගම් දෙකක්. ඔවුන් ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතිය අද දින අපිට ආරම්භ කරන්නට ලැබීම සතුටට කරුණක්. මීට කලකට පෙර ලංකාව සම්පූර්ණයෙන් ම වැඩබිමක් වෙලා තිබුණු යුගයක් තිබුණා. දැන් මේ අද ඒ වැඩබිමේ ඉදලා අපි කොළඹ දිහා බලනකොට හැමතැනම පේනවා ඒ කාලේ පටන් ගත්ත ව්‍යාපෘති. සමහර ව්‍යාපෘති දැන් අවසන් වෙලා තියෙනවා. තවත් සමහර ව්‍යාපෘති අවසන් වෙමින් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ ඇල්ටෙයාර් ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ ම නැවතත් ඒ තත්වය අපට ආරම්භ කරන්න පුළුවන් කියලා. මොකද දැන් ලංකාවට යළිත් ආයෝජකයන් එනවා. 2014 වනවිට ලෝකයේ වේගවත් ම සහ සංවර්ධනය වන නගරය විදිහට කොළඹට සම්මානයක් පවා ලැබුණා. ඉතාමත් සුන්දර මෙන් ම සංවර්ධනයෙන් පිරුණු නගරයක් බවට කොළඹ අපි යළිත් උදා කරනවා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේ අපි නැවතත් කොළඹ නගරය ලෝකයේ තිබෙන සුන්දර ම සහ වේගවත් ම නගරයක් බවට පත් කිරීමේ කාර්යය ඉටු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ආයෝජකයන්ට ගැටළු ඒම සාමාන්‍ය තත්ත්වයත්. ඒ වගේ ගැටළු ආවම ඒවාට සම්බන්ධ වෙලා සහාය දෙන එක රජයේ වගකීමක්. ඉඩමකට මූලික අනුමැතිය දීලා ඒක ඇතහැරලා දාන්න බැහැ. දිගටම සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. ඒ දේ තමයි පහුගිය කාලේ කෙරුණේ නැත්තේ. 2015 ට පෙර අපි ආරම්භ කළ බොහෝ ව්‍යාපෘතිවලට අපි විශේෂයෙන් ම නාගරික සංවර්ධන අධිකාරිය ඉතාමත්ම සමීපව වැඩ කළා. තිබෙන ගැටළු, ප්‍රශ්න විසඳලා දුන්නා. නැවතත් 2019 නොවැම්බර් මාසයෙන් පස්සේ තමයි අපිට මේකේ වැඩ කඩිනමින් ආරම්භ කරලා අවසන් කරන්න පුළුවන් වුණේ.”යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.

     

    එම අවස්ථාවට කොළඹ පුරපතිනිය රෝසි සේනානායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, ඇල්ටෙයාර් නිවාස හිමියන්ගේ සංගමයේ සභාපති මලික් ප්‍රනාන්දු, ීදමඑය ක්‍සඑහ ඉදිකිරීම් සමාගමේ කොළඹ නියෝජිත ආචාර්ය නිර්මාල් සිල්වා, ීදමඑය ක්‍සඑහ ඉදිකිරීම් සමාගමේ විශේෂ නියෝජිත මන් මෝහන් භද්‍රි, ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගමේ කළමණාකර අධ්‍යක්ෂ ප්‍රදීප් මොරායස් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වෙළඳ හා ආයෝජන උපදේශක ආචාර්ය රාකේෂ් පාණ්ඩේ යන මහත්වරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

     

    විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසර තුළදීය. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ දී මෙහි වැඩ අතරමඟ නැවතුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම නිසා යළි මෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කර එහි පළමු අදියර මෙසේ විවෘත කිරීමට කටයුතු කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.

     

    මෙම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ීදමඑය ක්‍සඑහ සහ ෂබාස්බ ධජැ්බ සමාගම විසින් සිදුකරනු ලබයි.

    මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි.

     

    ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

     

    ඒ යටතේ ශ්‍රී ලංකාව නව නිර්මාණශීලී ආයෝජන රටාවකට වඩාත් විශ්වාසයකින් සහ ප්‍රමිති සහගත වටපිටාවක් සහිත ඉඩක් නිර්මාණය වී ඇති බවත් නව ආයෝජකයන්ට යොදවන ලද මුදල්වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහතිකයක් මෙමඟින් ලබා දෙයි.

     

    එසේම දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුම වැඩි ප්‍රතිශතයකින් සපුරා ගත හැකි අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහිවේ.

     

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

     

    ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.

     

    බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ. බදු මුදල් වශයෙන් මෙම ව්‍යාපෘතියෙන් නාගරික සංවර්ධන අධිකාරියට ලැබුණු මුදල රුපියල් මිලියන 2560 කි.

     

    මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.

     

    ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.

     

    ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

     

    මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයාට දේශීය සහ විදේශීය ආයතන මඟින් උපදේශන ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya