පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    යතුරුපැදිකරුවන්ගෙන් සිදුවන රථවාහන අනතුරු අවම කර ගැනීමේ දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක්

    මාර්තු 16, 2021

    ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිති කරගනිමින් දිවයින පුරා පිහිටි සෑම දිස්ත්‍රික්කයම පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රාදේශීය කාර්යයාල මඟින් යතුරුපැදිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රදානත්වයෙන් (15) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.


    මෙහි දී ශීඝ්‍රයෙන් ඉහළ යන අනතුරු සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන පාර්ශ්වකරුවන් ලෙස හඳුනාගෙන ඇති යතුරුපැදි ධාවකයින් ඉලක්ක කරගනිමින් යතුරුපැදි ධාවනය කළ යුතු ආකාරය සහ යතුරුපැදි ධන්වයේ දී ප්‍රමිතියෙන් යුත් හිස් ආවරණ භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව දනුඅව්ත් කිරීමේ වැඩසටහනක් මාර්ග ආරක්‍ෂාව පිළිබඳව ජාතික සභාව සහ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය එක්ව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලැබිය.


    එමෙන්ම, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික රෝහල, මාර්ග ආරක්‍ෂාව පිලිබඳ ජාතික සභාව පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමඟ යතුරුපදිකරුවන්ට ප්‍රමිතියෙන් යුතු ආරක්‍ෂිත හිස් වැස්මක් මිල දී ගැනීමේ දී සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම අමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගිත්වයෙන් මෙහි දී සිදු කෙරිණි.

    විශේෂයෙන්ම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මඟින්, යතුරුපැදිකරුවන් පළඳින ආරක්‍ෂිත හිස් වැසුම් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දැරීම අනිවාර්ය කර තිබෙන අතර හිස් වැස්මක් මිල දී ගැනීමේ දී මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස ද මෙහි දී මහජනතාව දැනුවත් කිරීමට කටයුතු සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිසරික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න, අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග, මාර්ග ආරක්‍ෂාව පිළිබඳව ජාතික සභාවේ සභාපති ආර්.එල්.ඇන්ටන් ද මෙන්ස්, රථවාහන නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) සුමිත් නිශ්ශංක හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ (අධ්‍යක්ෂ- රථවාහන හා මාර්ග ආරක්‍ෂාව ශ්‍රී ලංකා රථවාහන පොලිස් මුලස්ථානය) යන මහත්වරුන් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya