පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රටේ මූලික නීතියට අනුව අනපනත් ක්‍රියාත්මක කිරීම අපගේ වගකීමක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    මාර්තු 16, 2021

    පසුගිය ආණ්ඩුව මඟින් දින නියමයක් නොමැතිව කල් දැමූ පළාත් සභා මැතිවරණය නිසි පරිදි ක්‍රයාත්මක කිරීම කිසිවකුගේ බලපෑමකට අනුව සිදු වන්නක් නොව ව්‍යවස්ථාවේ 13
    වන සංශෝධනයට අනුව රටේ මූලික නීතියට අනුව මෙරට සිදු විය යුතු අනපනත් නිසියාකාරව ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ වගකිම හා යුතුකම වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  ප්‍රකාශ කරයි

    ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරනු ලබන්නේ ඉන්දියානු රජයේ බලපෑම මත ද යන්න පිළිබඳව අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වේදියෙකු විසින් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    එමෙන්ම, පසුගිය කාලයේ දී සිදු කළ වැඩපිළිවෙලවල් වල අඩුපාඩු නිවැරදි කර ජනතාවගේ අයිතිය රැක ගැනීම මෙරට මූලික නිතිය රැකීමත්, වෙනත් රටවල් වල බලපෑමක් මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු විශේෂ උත්සහයක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

    ඒ අනුව, රටේ මූලික නීතියට අනුව කල් දැමීමට සම්බන්ධ කරුණු සහ පාර්ලිමේන්තුවේ ඊට අවශ්‍ය අණ පනත් නිවැරදි කිරීම අපගේ වගකීමක් බවත්, මෙන්ම මූලික නීතියට අවනත විය යුතු බවත්, වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya