පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධව ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට බලා සිටිනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    මාර්තු 16, 2021

    දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධව දැනටමත් සෞඛ්‍ය ඇමතිතුමිය විමසා බලමින් සිටින අතර එම ඉල්ලීම් සම්බන්ධව ආණ්ඩුව ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට බලා සිටින බවද සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

    ඔහු මේ බව පැවසුවේ අද දින (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය එළඹෙන සදුදා දින වර්ජනයක් දියත් කරන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    දැනටමත් සෞඛ්‍ය අමාත්‍යතුමිය දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් පිළිබදව අවධානය යොමුකර ඇති අතර දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේතාත්මක වර්ජනයක් පිළිබදව කතාකරමින් සිටින්නේ ඔවුන්ට බලපාන ප්‍රධාන නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    ඉන් එක් ගුටලුවක් වනුයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව 61 දක්වා වැඩිකිරීම සහ දැනට පවතින කාර්යය සීමාව සැලකිල්ලට ගනිමින් බදවාගැනීම් සහ පුරප්පාඩු සම්බන්ධයෙන් මෙන්ම පොරොත්තු ලේඛනගතව සිටින වෛද්‍යවරුන්ට පත්වීම් ලබාගැනීම යන කාරණාය.

    වෛද්‍ය සහ ශල්‍ය උපකරණ ලබාගැනීම සදහා ක්‍රමවත් සැලැස්මක් සකස් කිරීම සහ දන්ත සහායක චිකිත්සකයින්ට අවශ්‍ය පත්වීම් ලබාදීමත්, පුහුණු කිරීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

    දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විශාල සේවාවක් සිදුකරන බව සිහිපත් කළ අමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ සේවා සදහා අවශ්‍ය අනෙකුත් වටපිටාව සකස් කිරීම රජයේ වගකීමක් ලෙස දකින බවද වැඩිදුරටත් කියා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya