පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්

    මාර්තු 16, 2021

    බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් Y විශේෂ අංශය හා එම අංශය අවට පෙ.ව. 11.40 ට පමණ සෝදිසි කිරීමකට ලක් කර ඇත.මෙහිදී Y විශේෂ අංශය හා තාප්පය අතර කොටසේ පොළොවෙහි වල දමා තිබූ එමි අංක සඳහන් නොවන Samsung J2 වර්ගයේ ජංගම දුරකතනයක්ද සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

    මෙම Y අංශය තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඇතුළු තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බවත් මෙම දුරකතනයද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වෙත ලබාදීමට රැගෙන ආ දුරකතනයක් දැයි සැක සහිත අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත් ජංගම දුරකතනය පරික්ෂණ කටයුතු සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බවත් චන්දන ඒකනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya