පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි

    මාර්තු 16, 2021

    බුර්කාව සහ නිකාබය සම්බන්ධව රජය තීරණයක සිටින බවත්, එහෙත් හදිසි නොවී ඉතා හොඳින් සිතාබලා කිසිඳු පාර්ශවයකට අනිසි බලපෑම් ඇති නොවන ආකාරයට බුද්ධිමත්ව කළ යුතු බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මුස්ලිම් ප්‍රජාව ලාංකිකයන් ලෙස මෙරට සිටින අතර ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් උරුම කරගෙන සිටින බවත්, මෙම බුර්කාව ඉවත් කිරීම වැනි කටයුතු වලදී ඔවුන්ගේ සංස්කෘතියට අනිසි බලපෑමක් සිදු නොවන ආකාරයට සිදු කළයුතු බවත්, කෙසේ වෙතත් බුර්කාව වැනි ඇඳුම් හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම කටයුතු කළයුතු බවත්ය.


    බුර්කාව තහනම් කිරීම හේතුවෙන් මෙරටට හිතවත් මුස්ලිම් රටවල් මෙරට සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව අවුලක් ඇතිවීම සම්බන්ධයෙන් රජය යම් ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්දැයි මාධ්‍යවේදියකු විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ මෙම තහනම අභ්‍යන්තර ගැටලුවක් බවත්, එමගින් රාජ්‍ය තාන්ත්‍රිකව බලපෑමක් සිදු නොවන බවත්, පාකිස්ථානය ඇතුළු තමන්ට හිතවත් මුස්ලිම් රටවල් ඒ සම්බන්ධයෙන් තමන් හා රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවත් ඇති කරගනු නැති බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya