පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    පාස්කු ප්‍රහාරය වැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටිනවා- අමාත්‍ය රමේෂ් පතිරණ

    මාර්තු 16, 2021

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තා මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්, රහස්‍ය වාර්තා පවා එම වාර්තාවල රහස්‍යභාවය සුරකින බවට වන පොරොන්දුව මත නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, නඩු පැවරීමේ කටයුත්ත සිදු කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් බවත්, එම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් සොයා ලබන පාර්ලිමේන්තු අනුකමිටුවට කිසිඳු බලයක් නොමැති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් නඩු පැවරීමේ කටයුතු සිදුකරනු ඇති බවත්ය.

    පාස්කු වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුව පත් කරනු ලැබුවේ නැවත මෙවැනි තත්වයන් ඇති නොවීම සඳහා කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට බවත්, තමන්ද ඇතුළත් එම කමිටුව මගින් මේ වන විට ඉදිරියට මෙවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත්, රමේෂ් පතිරණ මහතා තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya