අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සහල් මිල සම්බනධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
සහල් මිල ගැටලුව අඛණ්ඩව කැබිනට් මණ්ඩලයෙහි සාකච්ඡා වන බවද, ජනතාවට සහන මිලට සහල් ලබාදීමේ අරමුණ රජය සතුව පවතින බවද ඒ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය තරගකාරී මිලට වී වෙළදපොලට ප්‍රවිශ්ඨ වී වගාකරන ජනතාවට අසාධාරණයක් නොවන පරිදි සාධාරණ මිලකට වී ලබාගැනීම සහ ආරක්ෂිත තොගයක් රැස්කිරීමේ කටයුතු අරඹා ඇති බවද අමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.
පසුගිය කාලය පුරාවට වී මිල කෙසේ වෙතත් සහල් මිල අඛණ්ඩව ඉහල යන ස්වරූපයක් දක්නට ලැබුණු බවද, මේ කන්නයේදීත් විශාල අස්වැන්නක් ලැබෙමින් පැවතුණද අවාසනාවකට මෙන් මෙවර වී අස්වැන්න ඉතාම ඉහළ මට්ටමෙන් ලැබුණද වෙළදපොලේ සහල් හිගයක් මතුවී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
එයට හේතුවනුයේ තුන්වන පාර්ශවයක් මෙම වී තොග සගවා තබාගැනීමත් ආරක්ෂිතව වෙනත් ස්ථානයක තබාගැනීමත් හේතුවෙන් බව පැහැදිලි යැයිද එහිදී මෙම වී මිලදී ගැනීමේ ක්‍රමවේදය රජයේ මැදිහත්වීමෙන් සාර්ථකව ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.
යම් හෙයකින් පෞද්ගලික අංශය අඛණ්ඩව වී සගවාගැනීම සිදුකළ හොත් රජය විසින් අනිවාර්යයෙන්ම යම්කිසි සහල් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වා ජනතාවට සහන මිලට ලබාදීමට ක්‍රියා කරන බවද පැවසුවේය.
එය බොහොම පැහැදිලිව තීන්දු කර ඇති අතර නැතහොත් මෙම වෙළද මාෆියාව මේ හා සම්බන්ධයෙන් මැදිහත් වන ස්වරූපය රටේ ආර්ථිකයටත්, රටේ ජනතාවගේ ආර්ථිකයටත් හිතකර නොවන බවද පැවසුවේය.
කඩල ඇතුළු ධාන්‍ය වල මිල ගණන් ඉහල යාම සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය වසරේදී ඉන්දියාව වැනි රටවල කඩල ඇතුළු ධාන්‍ය කොරෝනා අර්බුදය හේතුවෙන් විශාල ලෙස නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මිල ඉහල ගොස් ඇති බවයි.
එමනිසා ලෝක වෙළදපොලෙහිද මෙවැනි ද්‍රව්‍ය වල මිල ඉහල ගොස් ඇති අතර අපගේ ආහාර සුරක්ෂිතතාවය පිළිබදව වැඩි අවධානය යොමු කරමින් දේශීය වගා ප්‍රවර්ධනයට හැකිතාක් කටයුතු කරන බවද පැවසුවේය. මෙය ගෝලීය තත්ත්වයක් හේතුවෙන් මෙම වසරේ යම් පමණකට මෙම ද්‍රව්‍ය වල මිල වැඩිවීමක් සිදුවී ඇති බවද, නැවත වතාවක් රටේත් ලෝකයේත් ආර්ථික සහ කෘෂිකාර්මික තත්ත්වයන් යහපත් වෙමින් පවතින බවද පැවසුවේය.
නිෂ්පාදනය ඉහළ යාමත් සමග ඉදිරි මාස කිහිපය තුළදී මෙම භාණ්ඩ සහන මිලට ලබාගැනීමට නැවත හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.