පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රජය විසින් ගනු ලබන තීන්දු ව්‍යර්ථ කිරීමට වතු සමාගම් උත්සහ කළ හොත් ඊට අදාළව නෛතික පියවර ගැනීමට කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ - අමාත්‍ය රමේෂ් පතිරණ

    මාර්තු 16, 2021

    වතු සේවක වැටුප රුපියල් දහස ලෙස ලබා දීමට රජය විසින් ගනු ලබන උත්සාහය ව්‍යර්ථ කිරීමට වතු සමාගම් හා හාම්පුතුන් උත්සහ කළ හොත් ඊට අදාළව නෛතික පියවර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට ආණ්ඩුව කිසිසේත්ම පැකිලෙන්නේ නැති බව ඉතාම පැහැදිළිව අවධාරණය කර සිටින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ව‍ශයෙන් සඳහන් කර සිටියේය.


    මේ වන විට වතු සේවක වැටුප රුපියල් දහස ලබා දීම සම්බන්ධව හාම්පුතුන් 20 දෙනකු පමණ අධිකරණමය ක්‍රියාමාර්ගයකට ගොස් තිබෙන බව සඳහන් කළ හෙතෙම
    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් විශාල වෙහෙසක් ගෙන වට කිහිපයක්ම සාමුහික ගිවිසුමකට ඇතුලත් වීමට සේව්‍ය සේවක දෙපක්ෂයට අවස්ථාව ලබා දුන්නත්, ඔවුන්ට සාධාරණ විසඳුමකට එළඹීමට හැකියාවක් නොමැති වීම හා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස ගත් මෙම තීන්දුවට ගරු කිරීමක් සිදු කරන්නට අදාළ වතු සමාගම් උනන්දුවක් නොදැක්වීම මත සාමුහික ගිවිසුමක් වෙනුවට පඩිපාලක සභාවක් හරහා රුපියල් දහසක වැටුප ලබා දීමට කම්කරු අමාත්‍යවරයා කටයුතු කරනු ලැබූ බව මෙහි දී හේතු පාදක වූ කරුණු පිළිබඳව පැහැදිලි කරමින් කියා සිටියේය.

    කෙසේවුවත්, රජය විසින් ගනු ලැබූ එම තීන්දුවට විරුද්ධව ඇතැම් සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග වලට ගොස් තිබෙන නිසා අධිකරණයේ දී පිළිතුරු ඒවාට පිළිතුරු ලබා දීමට
    කම්කරු අමාත්‍යංශය සූදානම් ව සිටින බව මෙහි දී ප්‍රකාශ කර සිටී රමේෂ් පතිරණ මහතා සඳහන් කරන ලදුව ඊට තම අදහස් ද දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ එකී වතු වැටුප වැඩි කිරීම පිළිබඳව විශේෂයෙන් අයවැය විවාදයේ දී ඉදිරිපත් කළ ප්‍රකාශයක් බවත්, එනිසා එය ක්‍රියාත්මක කිරීමට රජයේ වගකීමක් මෙන්ම ඊට බැඳීමක් තිබෙන බවත්, එකී ප්‍රකාශ සිදු කරන විට ඊට අදාළ දත්ත සහ එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සම්බන්ධව විශ්ලේෂණය සිදු කරනු ලැබුවක් බවත්ය.

    ඒ අනුව, රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස ගනු ලබන තීන්දු කෙරෙහි ගරු කිරීමක් නොමැතිව වතු හිමියන් දැඩි තීරණයක් අනුගමනය කරන්නේ නම් ඊට නිසි පිළිතුරු දීමට සහ එකී විය යුතු ක්‍රියාපටිපාටිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරවීමට රජය පසුබට වන්නේ නොමැති බව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya