පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    ''රටේ අභිමථාර්ථයන් සාධනයෙහිලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ එකට වැඩ කිරීම වැදගත්"- අධ්‍යාපන අමාත්‍ය

    මාර්තු 16, 2021

    අපේ රටේ අනාගත ඉලක්ක සහ අභිමතාර්ථයන් සාධනය කර ගැනීමේ ලා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව අතිශයින් ම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය.

    ඒ මහතා මේ බව පැවසූයේ, අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 6.8ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “මේ වගේ ආපදා සහිත අවස්ථාවක මේ වැනි කටයුත්තකට දායක වීම සම්බන්ධව අප කෘතඥතාව ඔවුන්ට හිමි විය යුතු යි, සමස්ත දරු පරපුර වෙනුවෙන් ම. ඒවගේ ම බ්‍රැන්ඩික්ස් ආයතනය රජය සමඟ සම්බන්ධව රටේ ‘ජලය සහ අධ්‍යාපනය’ කියන අංශ දෙකෙහි සංවර්ධනය සඳහා දායකත්වය ලබා දීමට තීරණය කොට තිබීම අපි අගය කළ යුතු යි. මේක රටේ අනෙකුත් ආයතනවලට වුවත් කදිම ආදරශයක්. ‍අපේ රටේ අනාගතය වන දූ දරුවන් වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දීමට කටයුතු කිරීම අප හැමගේ ම වගකීමක් වගේ ම යුතුකමක් ලෙසත් සඳහන් කරන්නට කැමතියි. මෙහි ප්‍රතිලාභීන් වන්නේ ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ග්‍රාමීය පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වීම මෙහි අතිශය වැදගත් කොටසක් ලෙස හඳුන්වන්නට කැමතියි..” යනුවෙන් ද පැවසී ය. මෙම මුහුණු ආවරණ දිවයිනේ පාසල් 5,824ක් වෙත බෙදා හැරීමට පියවර ගැනේ.

     

    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, බ්‍රැන්ඩික්ස් ආයතනය නියෝජනය කරමින් අනූෂා අලස් මහත්මිය ඇතුලු පිරිසක් ද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya