පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික, ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ට සුවිශේෂී දේශීය වෛද්‍ය සභාවක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි

    මාර්තු 17, 2021

    පාරම්පරික, ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ට සුවිශේෂී දේශීය වෛද්‍ය සභාවක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව, දේශීය අනන්‍යතාවයකින් යුත් ජීවන රටාවක් නිර්මාණය කිරීම උදෙසා අපේ ඉපැරණි හෙළ වෙදකමේ ජීවන දර්ශනය රූපමය කාව්‍යයක් ලෙස ගෙන ඒම සදහා නන්දසේන විතාරණ මහතා විසින් රචිත දෙබරයට ගලක් ටෙලි සිත්තම් මාලාවේ කෘතීන් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා එම අමාත්‍යංශයේදී ප්‍රකාශ කළේය.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා,

    දේශීය වෛද්‍ය සභාවක් පිහිටුවීම පිළිබද අනු කමිටුවක් පිහිටුවීමට අපි කටයුතු කළා. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ගොස් ඒ පිළිබදව අදහස් යෝජනා ලබාගැනීමට කටයුතු කරනවා. සියලු ජනතාවට ආරාධනා කර සිටිනවා ඒ සදහා අදහස් යෝජනා ලබාදෙන ලෙස. එමගින් පාරම්පරික වෛද්‍ය ලියාපදිංචිය සහ ආයුර්වේද ලියාපදිංචිය සදහා නව ක්‍රමවේද මත සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා.

    අපි දේශීය වෙදකම සාහිත්‍ය හා කලා මාධ්‍ය උපයෝගී කර ගනිමින් ජනතාවට වඩා සමීප කරලීම උදෙසා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ දේශීය වෙදකම, පුස්කොළ පොත්, ග්‍රන්ථ ලිඛිත තොරතුරු රාශියක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි ලිඛිත තොරතුරු වලට එහා ගිය මිහින්තලය පුරාණ රෝහල, නටඹුන්, ශිලා ලේඛන පවතිනවා. ඒ වගේ පෞඩ ඉතිහාසයක් හා බැදුණු අපේ හෙළ වෙදකමේ ජීවන දර්ශනය ජනතාවට සමීප කරලීම උදෙසා කටයුතු කරනවා යැයිද වැඩිදුරටත් සදහන් කළේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya