2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සම්මුතියට සම සහයෝගිතාවය පල කරන්නට එකඟ වීමත් සමඟ මෙරටට විරුද්ධව තිබුණු සම්මුතියකට එකඟ වීමට සිදු වූ බවත්, එහි දී ඇතැම් කරුණු කාරණා අපේ රටේ නීතිය අනුව කිරීමේ හැකියාවක් නොමැති බව මෙන්ම එහි දී පොරොන්දු වූ දේවල් ද විශාල ප්‍රමාණයක් තිබෙන බවත් කියා සිටී හෙතෙම එකී ක්‍රියාවලියට මෙරට ජනතාව තදින් විරුද්ධ වූ බව සඳහන් කර සිටියේය.
30/01 සඳහා ජනතාවගේ අප්‍රසාදය කෙතරම් ද යත්, එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ දී මෙරට ප්‍රථම වතාවට සුළු ජාතීන්ගේ ඡන්ද නොමැතිව ජනාධිපතිවරයෙකු පත් වීමත්, ඉන් නොනැවතී 2020 අගෝස්තු මස තිබූ මහා මැතිවරණයේ දී 2/3 බලයක් සහිත පාර්ලිමේන්තුවක් පැමිණීමත් සිදු වූ බව මෙහි දී ලේකම් වරයා විසින් ප්‍රකාශ කර සිටියේය.
එහෙත් වර්තමානය වන විට 30/1 සම්මුතියට අත්සන් කළ එවකට 2015 දී සිටී පිරිස අද රටේ අප පාර්ලිමේන්තුවේ නොමැති බව සඳහන් කළ ඒ මහතා, මෙරට තිබෙන ඡන්ද ක්‍රමය අනුව ප්‍රධාන පක්ෂයකට එකඳු ආසනයක්වත් දින ගැනීමට නොහැකියාවක් නොමැති නමුත්, 30/01 සම්මුතියට සම අනුග්‍රහය දැක් වීම නිසා පසුගිය ඡන්දයේ දී ජනතාවට මේ පිළිබඳව අප්‍රසන්නභාවයක් සිදු වීම නිසා මහජනයා විසින් ඔවුන්ගේ ප්‍රජාතාන්ත්‍රික බලය භාවිත කර ඔවුන් සියලු දෙනාවම මේ ක්‍රමයෙන් දැනට ඉවත් කර තිබෙන බව ද සඳහන් කරන ලදුව වැඩිදුරටත්
සඳහන් කර සිටියේ, එමඟින් සුළු ජාතීන් හා මහා ජාතිය අතර යම් යම් බෙදීම් සිදු වීම දක්නට ලැබෙන බවත්, එහි යම් යම් ප්‍රතිඵල අද වන විට දක්නට ලැබෙමින් තිබෙන බවත්, මිනිසුන් අතර බෙදීම් ඇති වීම තුළ අප රටේ සංහිදියාවට කිසිඳු වාසි සහගත තත්ත්වයයක් නොමැති බවත් ය.
නමුත් මෙය රටට හිතකර දෙයක් නොවන බව කියා සිටී ඒ මහතා රටක් ලෙස සිදු විය යුත්තේ කුඩා රටක් වන අප රටේ සියල්ලෝම, සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස එක මතයක් වෙනුවෙන් පෙළ ගැසීම වන බවත් මෙහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.