පාස්කු ප්‍රහාරය හේතුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ජිවිතක්ෂයට පත් ඇමරිකන් ජාතික කාන්තාවක් වන මොනිකා ඇලන් මහත්මිය සිහිවීම පිණිස එතුමියගේ ස්වාමි පුරුෂයා වන ඇලන් ලුවිස් මහතා සහ මෙරට ව්‍යාපාරිකයින් වන පුන්සිරි තෙන්නකොන්, සුභාෂ් කරුණාරත්න, ප්‍රියන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සහ මුල්‍ය දායකත්වය මත මෙම ළමා වාට්ටු සංකීර්ණය ඉදිකොට ඇති අතර, මහල් 03 කින් සමන්විතව රුපියල් මිලියන 160 ක පමණ වියදමකින් අදියර දෙකක් යටතේ මෙම ළමා වාට්ටු සංකීර්ණයේ වැඩ අවසන් කොට ඇත.
සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන් සහ ව්‍යාපාරික පුන්සිරි තෙන්නකොන් මහතා විසින් මෙම ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරිමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ගිවිසුම බාරදෙන ලදි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙවැනි උතුම් කර්තව්‍යයක් සිදු කිරීම සම්බන්ධව සිය ස්තූතිය පුද කරන බවයි.
මැණික් ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයෙකු වන ඇලන් ලුවිස් මහතා තම ජීවිතය ගොඩ නගා ගැනීමට ශ්‍රී ලංකාව දුන් දායකත්වයට ප්‍රතිඋපකාරයක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික මිතුරන්ගේ ද සහය ඇතිව රත්නපුර රෝහලේ ළමා රෝහල් සංකීර්ණය ඉදිකිරීමට අනුග්‍රහය දක්වා ඇත.