කොළඹ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද(17) දින පැවති වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙරට සමස්ත අධිකරණ විනිසුරුවන් ප්‍රමාණය 370ක් පමණ වන බවත්, එය හුදෙක් ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවන් 15ක් පමණ වන අනුපාතයට පමණක් ඇති බවත්, ඉදිරි වසර කීපයේදී එය දෙගුණයක් දක්වා වැඩි කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්ය.
එමෙන්ම අධිකරණ පද්ධතිය අංකිත (ඩිජිටල්කරණය) ක්‍රමවේදය යටතේ සකස් කිරීමට බලාපොරොත්තු වන බවත්, එය මෙරට තොරතුරු තාක්ෂණ ප්‍රමුඛයා වන ICTA ආයතනය මූලික කරගෙන කරන බවත්, අධිකරණ අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම අධිකරණ පද්ධතියේ ධාරිතාවය වැඩිකිරීම සදහා අධිකරණ භූමි ප්‍රමාණය සහ අධිකරණ ශාලා වැඩි කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 16කට අධික වන බවත්, අලි සබ්රිමහතා පැවසීය.
මේ සියල්ල සිදු කළද අධිකරණය වෙත යන පුද්ගලයාට සිය නඩුව අධිකරණය තුළ කඩිනමින් විභාගවන බව හා එයට සුදුසු යුක්තිය ඉටුවන බව හැඟිය යුතු බවත්, තමන් අත ඇති ආයතන සියල්ල සම්බන්ධයෙන් වෙන වෙනම සොයා බලන්නේ ඒ නිසා බවත් අධිකරණ අමාත්‍යවරයා පැහැදිළි කළේය. ‘’යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ‘’ යන තේමාව යටතේ බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අධ්‍යක්ෂවරු සහ ස්ථාන භාර නිලධාරීන් දැනුම්වත් කිරීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
එම අවස්ථාවට වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති සහ හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගමලත්, එහි අධ්‍යක්ෂ ජනරාල් උදය කුමාර අමරසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන මහත්වරුන් මෙන්ම අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස්, යන මහත්ම මහත්මීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ කළමණාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හා නිළධාරීන්ද එක්විය.