බඩ ඉරිගු ඇට ගලවන යන්‍ත්‍රයක්, සර්පයන් පලවා හැරිමේ යන්‍ත්‍රයක්, රට කජු පොතු ඉවත් කිරිමේ යන්‍ත්‍රයක්, මොණරුන් පලවාහැරිමේ යන්‍ත්‍රයක්, පලතුරු නෙලන ඉලෙක්ට්‍රොනික යන්‍ත්‍රයක්, පරිසර හිතකාමි උදුන් සහ බිමිමල් වගා සදහා වු යන්‍ත්‍රයක් ආදී කෘෂිකාර්මික කටයුතු සදහා වැදගත් වන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ රැසක් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ දරු දැරියන් විසින් නිපදවා ඇත.
මෙම යන්ත්‍රෝපකරණ නිරීක්ෂණය කළ අමාත්‍යවරයා කියා සිටියේ මෙම දරුවන්ගේ දක්ෂතා ඉතා උසස් මට්ටමක ඇති බවත් ඊට අවශ්‍ය සහාය ලබාදීම තුළින් වැඩිදියුණු කොට මෙරට කෘෂිකර්මය නවීනත්වයට ගෙන යාමට මෙම උපකරණ යොදාගතහැකි බව පැහැදිලි බවයි..
සර්පයන් පලවා හරිමේ යන්ත්‍රය මෙම පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු නිර්මාණය කොට ඇති අතර මෙවැනි නිර්මාණ තව තවත් සිදුකරන ලෙසත් ඊට අවශ්‍ය සියලුම සහාය ලබාදිමට තමා සූදානම් බවත් අමාත්‍යවරයා දරුවන්ට කියා සිටියේය.
එමෙන්ම මේ සදහා අමාත්‍යංශ මට්ටමින් ලබාදිය හැකි සහාය ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම්දී ඇත.
ඉදිරියේදී කෘෂිකාර්මික නව නිපැයුම් සහ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමට පියවර ගනිමින් සිටින අතර ඒ සදහා දිවයිනපුරා නිපැයුම්කරුවන් සොයා ඔවුන්ගේ නිර්මාණ වැඩිදියුණු කිරිමට අවශ්‍ය මූල්‍ය සහාය මෙන්ම අඩුපොලි ණය පහසුකම් ලබාදිමට පියවර ද ගෙන ඇත. යන්ත්‍රෝපකරණ සදහා 50%ක අධාරද ලබාදීමට අපේක්ෂිතය.