ඒ අනුව අමාත්‍යවරයා පසුගියදා අවුකන රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරයා සහභාගී විය. එම අවස්ථාවේදී විහාරාධිපති ශ්‍රාස්ත්‍රවෙල්ලීයේ දම්මකිත්ති හිමියන් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇත.
මහාවංශයේ සඳහන් පරිදි ක්‍රි. ව 459-477 කාලයේ රජකළ ධාතුසේන රජතුමා විසින් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිමවා තිබේ. ධාතුසේන රජතුමාගේ විශිෂ්ටතම නිර්මාණයක් වූ කලා වැවට බටහිරින් අවුකන ප්‍රතිමා වහන්සේ පිහිටා ඇත. මෙම අසිරිමත් නිර්මාණය කළ ගල්වඩුවා “බරණ” නැමැත්තකු වූ බවත්, මෙය “අවුකන” ලෙස පසුව ප්‍රසිද්ධ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. හෙට දවසේ හෙළ සංස්කෘතියේ උරුමක්කරුවන් වන දරුවන්ගේ මතු පරම්පරාව සඳහා මෙය ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකම වේ.