එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ යාපනය බන්ධනාගාරය තුළ රැඳවියන් වෙන් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදු කරනු ලැබූ බවත් ඉදිරියේදී දිවයිනේ සෑම බන්ධනාගාරයකදීම විවිධ නඩු හා වැරදි අනුව රැඳවියන් වෙන් කිරීමේ ක්‍රියාවලිය යාපනය බන්ධනාගාරයේ ක්‍රමයට අනුව සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට උපදෙස් දී ඇති බවයි.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් හමු වූ දුරකතනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේද යන්න තමා නොදන්නා බවත් ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා සී.අයි.ඩී වෙත භාර දී ඇති බවත් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
තවද යාපනය බන්ධනාගාරය ඵලදායී බන්ධනාගාරයක් ලෙසට පවත්වා ගෙන යන නිලධාරීන් හට අමාත්‍යවරයාගේ විශේෂ ස්තූතියද පිරිනමා ඇත.