මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු අට දෙනෙකු වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පෙර පැවති කාන්තා අංශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබූ බවත් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ සිටි සියලුම කාන්තා රැඳවියන් මේ වන විට මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රඳවා ඇති අතර කොළඹ බන්ධනාගාර වල උසාවි වලින් සිරදඬුවම් නියම වන සියලු දෙනා කොළඹ බන්ධනාගාරයේ පිහිටි මෙම කාන්තා අංශයේ රැඳවීමට පියවර ගෙන ඇති අතර එම හේතුවෙන් රවී කරුණානායක මහතා ඇතුළු පිරිස මෙම අංශය වෙත යොමු කළ බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
ඒ අනුව අද (18) දින මොවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණයන් සිදු කිරීමට නියමිත බවත් අදාළ PCR පරීක්ෂණයෙන් පසු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් චන්දන ඒකනායක මහතා තවදුරටත් පැවසීය.