දුම්රිය සේවක වෘත්තීය සමිති සාමාජිකයින් හා පවතින මෙම ගැටළු තමන් සිය අමාත්‍යධුරය භාරගැනීමටත් පෙර සිට පැවති ගැටළු වන බවත් කියා සිටි හෙතෙම
ඒවාට විසඳුම් ලබා දිය යුතු බව ද අවධාරණය කළේය.
එමෙන්ම, දුම්රිය රියදුරන් අතින් දුම්රිය ධාවනයේ දී සිදුවන වැරදි සඳහා සිදු කළ දඩ මුදල් ගෙවීම් සම්බන්ධව අධ්‍යනයක් කොට ඒවා නිසියාකාරව සිදු කිරීමට අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රමුඛ කමිටුවක් පත් කිරීමට කටයුතු කරනු ලබන බවත් ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව, ඉදිරි කාලයේ දී ද ඇතිවන ගැටළු පිළිබඳව සුහදව සාකච්ඡා කොට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.