අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නාවලපිටිය ග්‍රිඩ් විදුලි උපපොල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
කිසිම කෙනෙකුට මා සමග විරුද්ධ වෙන්න බැහැ, මේ රටේ අනාගතය අයිති වන්නේ පුනර්ජනනීය බලශක්තියටයි කියනදේට. ව්‍යාපාරික උන්මාදයකින් පෙලෙන්නෙකුට හැරෙන්න ඊට එරෙහි වෙන්න කිසිම කෙනෙකුට බැහැ. ඇයි අපි පුනර්ජනනීය ආර්ථිකයක් ගැන කතා කරන්නේ. 2050 වනවිට ලෝකයේ බල පද්ධතීන්ගෙන් 85%ක් පමණ පුනර්ජනනීය බලශක්තින් මත රැදෙන්නට ඕන කියලා අන්තර්ජාතික සංවිධාන අවධාරණය කරනවා. 21 වන ශතවර්ෂයේ ආරම්භ වුනේ දරුණු විශ්වීය මාරයෙක් වන කොවිඩ් සමගයි. ඊටත් වඩා දරුණු ව්‍යසනයකට මේ වසර මැදදී හෝ අගදී අපට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඒක තමයි පරිසර දූෂණය. අඩුමගානේ මිනිසා උපකල්පනය කර හෝ නැමති විපර්යාසයන් මේ මිහිතලය මත සිදුවන බවට අද ලෝකය සාකච්ඡා කරනවා. ඒ ගෝලීය පීඩනය මේ මිහිකතට දරාගන්නට බැරි බව ලෝකයේ අදාළ සංවිධාන කරුණු දක්වනවා. චීසල් ජනනයෙන් විදුලිය නිපදවීමේදි එක මෙගාවොට් පැයක් ජනනය කිරීම වෙනුවෙන් ඩීසල් ලීටර් 333 ක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය දහනයෙන් පරිසරයට එක්වන කාබන් ප්‍රමාණය කිලෝ 865ක්. ඒ අනුව මෙගාවොට් පැය 100 ක් ජනනය කළොත් ඉන් පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය කිලෝ 86,000 ක්. ටොන් 86 ක්. අපි කොහොමද මේ වරද නිවැරදි කරගන්නේ. මේ අර්බුදය තේරුමගෙන තමයි අපි පුනර්ජනීය ආර්ථිකයට යොමු වුනේ යැයි ද අමාත්‍යවරයා කීය.
මාලිබොඩ, දැරණියගල, බලංගොඩ, රත්නපුර, පදියපැලැල්ල, රාගල, නුවරඑලිය, කොත්මලේ යන ප්‍රදේහවල ඉදිවෙමින් පවතින සහ ඉදිරියේදී ඉදිකිරීමට යොජිත කුඩා ජල විදුලි බලාගාර වලින් උත්පාදනය කරන විදුලිය, විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට එකතු කිරීමට සහ සබරගමුව හා මධ්‍යම පලාත තුළ වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සහ එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම. අවශ්‍යතාවයන් පදනම් කරගනිමින් මෙගාවොට් 63 ක ධාරිතාවයකින් යුත් ග්‍රිඩ් උපපොළවල් හතරක් සහ ඊට අදාල කි.මි. 50 ත් දිග විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සදහා රජයේ හා විදුලිබල අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය සහිතව ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනිය බලශක්තිය ලබාගැනීම සදහා වූ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මේ සදහා යුරෝ මිලියන 30 ක (රු. මිලියන 6000 ක පමණ) දීර්ඝකාලීන ණය මුදලක් ප්‍රංශ මූල්‍ය සංවර්ධන ආයතනය විසින් ද, රු. මිලියන 1500 ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මගින්ද වෙන්කර ඇත.
මීට අමතරව නාවලපිටිය ග්‍රිඩ් උපපොල මගින් පවුල් පනස්දහසකට පමණ සහ කර්මාන්ත විශාල සංඛ්‍යාවකට විදුලිය ලබාදීමටත් දැනට එම ප්‍රදේශවල පවතින් විදුලි සැපයුම් වල ඇති අඩු වෝල්ටීයතා ප්‍රශ්නය විසදා එහි කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත් ලංකා විදුලිබල මණ්ඩලය මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වෙයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අද දවස මේ ටේ ආර්ථිකයට, අපේ ඉලක්කය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට සහ විෂයෙන් විදුලිබල ඹණ්ඩලයේ තාක්ෂණික වික්‍රමයන්ට හා විදේශාධාර සම්බන්ධයෙන් සුවිශේෂී දවසක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙරට බලශක්ති කේන්ද්‍රය බවට පත්කිරීමට යන ගමනේ යෝධ පිම්මක් තමයි අද මේ තබන්නේ. මේ තුළින් පුනර්ජනනීය ප්‍රභවයන් දිරිගැන්වීමක් වගේම ඒ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දෙනවා. අපේ ඉලක්කය වන්නේ 2025 වනවිට හේ රටේ දැවිතෙල් සහ ඩීසල් භාවිතය 5% දක්වා අඩු කිරීමයි. වසර 2030 වෙද්දි මෙම සීමාව 0 දක්වා අඩු කරන්න අප සූදානම්. ඒ වෙනුවෙන් තමයි පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයක් ස්ථාපිත කළේ. යුරෝපය වේගයෙන් පුනර්ජනනීය ආර්ථිකයකට යනවා. ප්‍රංශය මේ වනවිට විදුලිය අපනයනය කරනවා. පුනර්ජනනීය ඉලක්කයන් මුලු යුරෝපයම වැලදගෙන තිබෙනවා. ඔවුන් විදුලිය පමණක් නොවෙයි, ප්‍රවාහනයේදිත් පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගෙන තිබෙනවා. ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළත් පුනර්ජනනීය බලශක්තිය මත පරිසරය පිරිසිදු වී ජනතා ආර්ථිකය ශක්තිමත් වේවා යැයි පැවසීය.
මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති එරික් ලැවර්තු, පලාත්සභා මන්ත්‍රී වීරසිංහ අළුත්ගමගේ, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, උපසභාපති නලින්ද ඉලංගකෝන්, සාමාන්‍යාධිකාරි කුමුදිනී හේරත් යන මහත්මමහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්, රාජ්‍ය ආයතන නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතනයන්ගේ නිලධාරීන් සහභාගි වූහ