මේ පිළිබද සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අතර හමුවක් පසුගියදා (17) වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදී අප්‍රේල් 20 වන දිනට පැල 15,000ක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකග වූ අතර මාස හයක් තුළ පැල ලක්ෂයේ ඉලක්කය ලබාදීමට ද එකග විය.
මෙම ව්‍යාපෘතියට විහාර මහා දේවී උද්‍යානයේ ළමා උයන අසල පලතුරු උයනක් නිර්මාණය කිරීමටත්, මහල් නිවාස වල නිවැසියන් සදහා කෝමාරිකා, ඉගුරු වැනි පැලෑටි ලබාදීමත් ඇතුලත් කර ඇති බවත් මේ සදහා අධ්‍යාපන අමාතයංශය, වනජීවී හා වන සංරක්ෂණ අමාතයංශය, පරිසර අමාත්‍යංශය ඇතුළුව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 3000ක් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වේ.
මෙම හමුවට නාගරික කොමසාරිස්තුමිය, පරිසර නිලධාරීන් සහ වනජීවී සහ වන සංරක්ෂන අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගී වූහ.