එම අවස්ථාව සඳහා බංග්ලාදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද එක් වූ අතර අනතුරුව එහි සම්භාවනීය අමුත්තන්ගේ පොතේ විශේෂ සටහනක් තබන ලදී.
එම සටහන මෙසේය.
"බංග්ලාදේශ නිදහස් සටනේ දී තම වටිනා ජීවිත පරිත්‍යාග කළ, බංග්ලාදේශ ජනතාව වෙනුවෙන් ඔවුන් කළ පරිත්‍යාගය අනුස්මරණය කරන අවස්ථාවේ දී මාගේ ගෞරවය පුද කිරීමට ලැබීම
භාග්‍යයක් ලෙස සලකමි. බංග්ලාදේශයේ නිදහස අගය කළ සියලු දෙනාගේ හෙට දිනය වෙනුවෙන් තම ජීවිත කැප කළ සියලු ම බංගලි ජනතාව නිදහස්, ස්වාධීන හා සාඩම්බර බංග්ලාදේශයක් සඳහා බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ සිහිනයට ප්‍රබල සාක්ෂියකි."
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සංචාරය සංකේතවත් කරමින් බංග්ලාදේශ ජාතික වීර ස්මාරක භූමියේ පැළයක් රෝපණය කළේ ය.