ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී හෙට (22) ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අද විදේශ අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ ඒ කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවයි.
පසුගිය කාලය පුරාවට අප රටට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කළා. මේ පිළිබඳව අප අවධානයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. අපේ ආණ්ඩුව පත් වූ පසු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු කාර්යාංශය ක්‍රියාත්මක කරන්න අය-වැයෙන් මුදල් වෙන් කර දී තිබෙනවා එවැනි සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඒ ගැන නොසළකා හැර නැවත නැවත අපට විවිධකාරයෙන් චෝදනා කිරීම සාධාරණ නොවන බව ද අමාත්‍යවරයා කීවේය.
අපිට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කරන්න අපි උත්සහා ගන්නවා. ඒ සඳහා අපට මිත්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මෙවර ඉන්දියාවත් අපේ සහයට ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. යැයි ද ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.
file photo