ගම් කුකුළන් ඇති කිරීමට මේ යටතේ රුපියල් මිලියන 78 ක ආධාර එම පවුල්වලට පිරිනැමෙන අතර, සත්ත්ව නිෂ්පාදන සිදුකිරීමට,අලෙවි කිරීමට අවශ්‍ය උපදේශනය හා තාක්ෂණය ද මේ යටතේ පිරිනැමෙනු ඇත.
මැදවච්චිය වලවහැංගුනුවැව ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සත්ත්ව ගොවිපල මහින්දානන්ද අලුත්ගමගේ සහ එස්.එම්.චන්ද්‍රසේන යන අමාත්‍යවරුන් විසින් නිරීක්ෂණය කළහ. එහිදී එම ජනතාවගේ ගැටළු නිරාකරණය කිරීමටත්, අතරමැදි සූරා කෑමෙන් තොරව ගොවි නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා දීමටත්, හැකි වන පරිදි එකතු කිරීමේ මධ්‍යාස්ථාන හා බෙදා හැරීමේ ජාලයක් එම ප්‍රදේශවලට ආරම්භ කරන ලෙසත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ව්‍යාපෘතියේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. රුපියල් 75,000 ක් ආධාර රුපියල් 40,000 ක අඩුපොළි ණය එක් පවුලක් සඳහා මෙමඟින් ලබා දෙනු ඇත.