අනුරාධපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ නිලධාරීන් සහ ගොවි සංගම් නියෝජිතයින් ( 18) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුණ ගැසුණු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන වාරි,ඉඩම් මෙන්ම එදිනෙදා ගැටළු රැසකට මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසඳුම් ලබා දුන්නේ ය.
ගොවියාට සියලු පහසුකම් රජය ලබා දෙන අතර, වගා කොට රටේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමේ කාර්යය ගොවියා විසින් සිදු කළ යුතු බවත්, අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. උතුරුමැද පළාත තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බඩඉරිඟු ව්‍යාපෘතියේ සියලු ආධාර හා උපකරණ මාස 02ක් තුළ ගොවීන්ට ලබා දෙන ලෙස අමාත්‍යවරයා ව්‍යාපෘතියේ නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 1000ක්.ගොවීන් 5000කට රු.48,000ක් බැගින් මෙහිදී ආධාර පිරිනැමේ.නවීන උපකරණ,නවීන තාක්ෂණික දැනුම,50% බීජ සහනාධාර මේ යටතේ ලබා දීමට නියමිතය.යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීමේදී ගොවියාගේ ඉල්ලීමට අනුව එය සිදු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්හ.බඩඉරිඟුවලින් රට ස්වයංපොෂිත කිරීමේ ඉලක්කය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මේ යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතුළුව ගොවීන් 7000කට ආධාර පිරිනැමේ.
ඒ සඳහා වූ සියලු පියවර කඩිනමින් සිදු කරන ලෙස ගොවි සංගම් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය. බීජවල ගැටළු, කුඩා වාරි ගැටළු, ඇළ මාර්ග ගැටළු, බැංකු ණය ලබා ගැනීමේ දුෂ්කරතා ආදී ගොවි සංගම් නියෝජිතයින් ඉදිරිපත් කරන ගැටළු සියල්ලට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් විසඳුම් ලබා දුනි. ගොවිජන සේවා මධ්‍යස්ථානයකට එක බැගින් වැව්වල පාසි ඉවත් කිරීමේ යන්ත්‍ර ලබාදෙන බවද, අමාත්‍යවරයා ගොවි සංගම්වලට ප්‍රකාශ කළේ ය. රුපියල් මිලියන 09ක වියදමින් වියලීමේ යන්ත්‍ර 02ක් ලබා දීමට ද මෙහිදී තීරණය කළහ. වගා කිරීමට මෙන්ම අස්වැන්නට සාධාරණ මිලක් සහිතව අලෙවි කිරීමට ද පහසුකම් හා වටපිටාව සකස් කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය. අතරමැදියන්ගෙන් ගොවියා රැක ගන්නා බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.