පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතියක්- වැය කරන මුදල මිලියන 548 ක්

    මාර්තු 20, 2021

    මිලියන 11 ක වියදමින් සාලියපුරට මිරිස් අපනයන සැකසුම් මධ්‍යාස්ථානයක්.


    පවුල් 1200 ක් ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනී.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ 1200 ක් ගොවීන් මෙම වගාව මේ වනවිටත් ආරම්භකොට තිබේ.ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේයි. අක්කර ¼
    ක් වගාවක් සඳහා රුපියල් 206,000 ක ආධාරයක් අඩු පොළී අනුපාතය යටතේ (6.5%) රුපියල් 135,000 ක ණයක් මෙම ගොවීන්ට ලබා දී තිබේ.

    කාබනික පොහොර භාවිතය, පොලිසැක් යොදා වල් පැළ හට නොගන්නා ආකාරයේ නව තාක්ෂණය, උවදුරුවලට මුහුණ දිය හැකි පරිදි ආරක්ෂිත දැල් යොදා සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණය
    ලබා දෙමින්, කෘෂිකර්මය, දේශීයත්වයත් රැකගනිමින් නවීනත්වයට ගෙන යාම මෙම මිරිස් වගා ව්‍යාපෘතියේ විශේෂත්වයයි.

     

    මැදවච්චිය ගල්ලෑල්ලගම ප්‍රදේශයේ මෙම වැඩසටහන යටතේ මිරිස් වගා බිම් (2021.03.18) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න ඇතුළු නිලධාරීන්
    නිරීක්ෂණය කළේය. එහිදි ගොවි ගැටළු ද සාකච්ඡා කළ අතර, ප්‍රදේශයේ කෘෂිකාර්මික ගැටළු රැසකට විසඳුම් ලබා දීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර ගත්තේ ය. අදාළ
    ප්‍රදේශයේ නමින් මිරිස් වෙළඳපොළට නිකුත් කිරීම දක්වා මෙම ව්‍යාපෘතිය වැඩිදියුණු කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ ය.

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මේ සඳහා රුපියල් මිලියන 548 ක් ආධාර ලෙස ගොවීන්ට ලබා දී ඇත. රටේ ජාතික වාර්ෂික වියළි මිරිස්
    අවශ්‍යතාවය මෙ.ටො 50,000 කි. 100% දැනට මිරිස් ආනයනය කරයි.

    අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක 07 ක ඉඩම් හෙක්ටයාර් 8,000 ක් හඳුනාගෙන ජාතික මිරිස් අවශ්‍යතාව 100% ක්, වසර 03 ක් තුළ සම්පූර්ණ කිරීම රජයේ ඉලක්කයයි. ඒ ස‍ඳහා වූ වැඩපිළිවෙල
    ක්‍රියාත්මක වන ආකාරය, එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට යාපනය, මුලතිව්, අනුරාධපුර දිස්ත්‍රික්වල මිරිස් වගාකරන ගොවිබිම්වලටම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොස් ගොවීන්ගෙන්
    කරුණු විමසා සිටියේ ය.

    ඔවුන්ට අවශ්‍ය සියලු සහාය ලබාදීමටත්, ඉඩම් ඇතුළු ගැටළු නිරාකරණයටත් එහිදී පියවර ගත්තේ ය. තරුණ තරුණියන් කෘෂිකර්මයට දායක කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද මේ වනවිටත්
    ක්‍රියාත්මකයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya