මෙම පාලම හා ඉවුරු ඉදිකිරීමේ කටයුතු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ආරම්භ කළේය.මෙම අවස්ථාවට අච්චුවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති නිරෝෂ් මහතා සහ මහාමාර්ග සංවර්ධන අධිකාරීයේ නිලධාරින් හා ඊ.පී.ඩී.පි පක්ෂ සාමාජිකයන් ඇතුලු පිරිස් සහභාගි විය.
තවද මේ අතර කිළිනොච්චි කල්මඩුනගර් පාලම ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස එම ප්‍රදේශයේ ජනතාව දීර්ඝකාලයක සිට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙමින් 2021.03.16 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් මෙම පාලම ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබන ලදි.
මෙමගින් එම ප්‍රදේශයේ වෙසෙන ගොවීන්, පාසල් සිසුන් ඇතුළු ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දුන් දුෂ්කරතා වලට යහපත් විසදුමක් ලැබෙනු ඇත.