පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

    මාර්තු 22, 2021

    නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා සිය වසර 36 කට අධික නාවික සේවය නිමා කරමින් ( මාර්තු 21) දින විශ්‍රාම යන ලදී.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරන මණ්ඩලය විසින් අද දිනට 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත උපන් දින සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් ඔහු වෙත උත්තමාචාරය පුද කෙරිණි. සහෘද නිලධාරීන් විසින් ඔහු වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යේෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන පිරිනමන ලදි.

    1985 වර්ෂයේදී 13 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ තම සේවා කාලය තුල අධ්‍යක්‍ෂ නාවික සුභසාධක, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ ආඥාපති, දකුණු හා උතුරු නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, ගිනිකොන නාවික විධානයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, බටහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කල කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya