පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    සාපිපාසාව සංසිඳුවමින් ජාතික ජල මහෝත්සවය ආරම්භ කෙරේ

    මාර්තු 23, 2021

     

    2021 ලෝක ජල දිනයට සමගාමීව ශ්‍රී ලංකාව ''තිරසාර සංවර්ධනයට ජලය''යන තේමාව මුල් කර ගනිමින් ලෝක ජල දිනය උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

    මේ නිමිත්තෙන් ජාතික ජල මහෝත්සවයක් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින්  ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව මෙම ජාතික ජල මහෝත්සවය යටතේ දිවයින පුරා ප්‍රධාන පානීය ජල යෝජනා ක්‍රම 11ක් සහ ග්‍රාමීය මට්ටමින් ප්‍රජා ජල යෝජනා ක්‍රම තුන් දහසක්  ලෝක ජල දිනය පැවැත්වෙන මාර්තු 22 දින සිට වෙසක් පුර පුන් පොහෝ දින දක්වා මහජන අයිතියට පැවරීමට කටයුතු සැලසුම් කර ඇත.

    මේ තුලින් නව ජල සම්බන්ධතා ලක්ෂයක් ලබා දීමේ පරමාර්ථයෙන් මෙම ජල මහෝත්සවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙනවා. දිවයිනේ පානීය ජල අවශ්‍යතාවය දැඩිව බලපාන දුෂ්කර ප්‍රදේශ සඳහා මෙහිදී වැඩි ප්‍රමුඛතාවක් ලබා දීම මෙහි විශේෂත්වයයි.

    මෙම ජයග්‍රාහි අරමුණ සාක්ෂාත් කරලීමේ දැවැන්ත මෙහෙයුමේ සමාරම්භය මාර්තු 22 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන මැතිවරණ කොට්ඨාශයේ කටාන ජල යෝජනා ක්‍රමය විවෘත කරමින් ආරම්භ කරන ලදී. මේ සඳහා රුපියල් මිලියන 11,795ක වියදමකින් ශ්‍රී ලංකාව සහ චීන රජය සහයෝගයෙන් ඉදිකරන ලද මෙම ජල යෝජනා ක්‍රමය මඟින් නව ජල සම්බන්ධතා 20,000කට අධික ප්‍රමාණයක්, ග්‍රාම නිලධාරී වසම් 45 ආවරණය කරමින් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බව මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටින ලදී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා සංවර්ධනය සෑම කෙනෙකු උදෙසා ම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සිදුවිය යුතුව තිබෙනවා. ඒ අනුව සැමට ජලය නොව සැමදෙනාටම ජලය යන වැඩ පිළිවෙල යටතේ 2025 වන විට සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් සැමදෙනාටම පිරිසුදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පැවසීය.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ග්‍රාමීය මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යන මහත්වරුන් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ජලසම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya