පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    බස් අනතුරු වළක්වාගැනීමට නව මඟී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර - රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

    මාර්තු 23, 2021

    ඉදිරියේදී සාමාන්‍ය බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමෙන් පමණක් මගී ප්‍රවාහන බස්රථ ධාවන කළ නොහැකි බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටී.


    ඒ මහතා මේ බව කියා සිටියේ, (22) කළුතර දී පැවතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දිස්ත්‍රික් සම්මේලනයේ දී මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි.


    රටෙහි ඉහළ යන බස් රථ අනතුරු සැළකිල්ලට ගනිමින් මෙසේ නව මඟී ප්‍රවාහන බස්රථ රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද, එමඟින් බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන්ම පමණක් මින් ඉදිරියට මඟී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව, මඟීන්ගේ ආරක්ෂාව උදෙසා හුදෙක්ම මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන් කල හෙතෙම මෙමඟින් බස්රථ පමණක් නොව අනිකුත් බරවාහන උදෙසා ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.


    එමෙන්ම, ලංගම හෝ ආරක්ෂක අංශවල පුහුණු පාසල් මගින් පුහුණුවක් ලබා ගැනීමෙන් පසු ලැබෙන සහතිකය අනුව මගීන් ප්‍රවාහනය සඳහා මෙම නව රියදුරු බලපත්‍රය ලබා දීමට කටයුතු කරන අතර ලංකා ගමනාගමන මණ්ඩලය සහ ආරක්ෂක අංශ හා එක්ව මෙම වැඩපිළිවෙල සකස් කිරීමට බලාපොරොත්තු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.  

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya