පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    බඩු මිල පාලනය කිරීමට එදා ක්‍රියාත්මක කළ ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩ සටහන් නැවත ක්‍රියාත්මක කරනවා - සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    මාර්තු 23, 2021

    ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටුයුතු කරන ආණ්ඩුවක් නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    (21) දින උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තරුණ සංවිධාන සහ කාන්තා සංවිධාන කැඳවන්නේ ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීමට මිස ළඟදී මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් නොවන බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.

    “ ඇතැම් අය හිතන්නේ අපි මේ කාන්තා සංවිධාන, තරුණ සංවිධාන කැඳවන කොට ළඟ මැතිවරණයක් ඇති කියලයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කිසිසේත්ම මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන ආණ්ඩුවක් නොවෙයි. සෑම විටම අප කටයුතු කරන්නේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් මතයි. එම නිසා කිසිවෙකුත් කළබල වියයුතු නැහැ. මැතිවරණයක් ළඟ එන්නේ නැහැ.

    මේ රට අර්බුදවලට මුහුණ දෙන සෑම අවස්ථාවකම කාන්තාවන් පෙරට ආවා. 2005 මාර්තු මහින්ද මහත්තයාගේ ජයග්‍රහණයට මූලිකත්වය ගත්තේ කාන්තාවෝ බව අමතක කරන්න බැහැ. 2015න් පසුව මහින්ද මහත්තයාව නැවත දේශපාලනයට ගේන්න මුලිකත්වය ගත්තේත් මේ රටේ කාන්තාවෝ. මොකද, ඔවුන් තමයි මේ රටේ යුද්ධයෙන් පසුගිය කාලයේ වැඩිපුරම බැට කෑවේ. සෑම සාර්ථක පුද්ගලයෙකු පිටුපසම කාන්තාවක් සිටින බවට කියමනක් තිබෙනවා.

    වන විනාශය අද සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. මේ ආණ්ඩුව වනාන්තර විනාශ කරන්න බලයට ආවේ නැහැ. අප සෑමවිටම කටයුතු කරන්නේ වන සම්පත ආරක්ෂා කරගැනීමටයි. විපක්ෂය සංවිධානාත්මකව වන විනාශය ගැන චෝදනාව ආණ්ඩුවට බැර කරමින් රටේ මහජන මතය වෙනස් කිරීමට උත්සාහ කරනවා. එමඟින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. ඇතැම් සමාජ මාධ්‍ය පිටරටවල වනාන්තර එළි කිරීමේ ජායාරූප යොදා ගනිමින් ලංකාවේ
    වන විනාශයක් සිදුවෙන බවට පෙන්වීමට උත්සාහ කරනවා.

    සමහර අය කරන දේවල් අපේ ආණ්ඩුවෙන් කරන දේවල් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. මේවාට රැවටෙන්න එපා. මේ රටට හානිවන කිසි දෙයක් අපි කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අබමල් රේණූවකින් පලුදු කරන්න අපි සූදානම් නැහැ.

    වර්තමානයේදී බඩු මිල ඉහළ ගොස් ඇති බව සියලු දෙනා පිළිගන්නවා. එයට විවිධ හේතු තිබෙනවා. පසුගිය රජය බඩුමිල පාලනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේ නැහැ. ගමේ ආර්ථිකය ශක්තිමත් කළේ නැහැ. ඒ වගේම පසුගිය යහපාලන රජය රාජපක්ෂ ආණ්ඩුව විසින් ආරම්භ කළ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සියලු වැඩ සටහන් නතර කළා. අප මේ වන විට එම වැඩ සටහන් සියල්ල නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. සෑම අතින්ම විනාශ කළ රටක් ගොඩනැගීම පහසු කටයුත්තක් නෙවෙයි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙවතු වගාවට අවශ්‍ය එළවලු බීජ හා පැළ ලබා දීම, කුකුල් පැටව් සහ කිරි හරක් ලබා දීමේ වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කරනවා. කාන්තා ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා විවිධ ණය ආධාර වැඩසටහන් දැනටමත් සැළසුම් කර තිබෙනවා. එදා බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ යන බඩුමිල පාලනය කිරීමට හැකි වේ යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya