අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ, විවිධ ගණයේ අපරාධකරුවන් විවිධ ස්ථානවල සැඟවී සිටින නිසා පෙර දැනුම් දීමකින් තොරව ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධකරුවන්ට පලා යාමට ඉඩක් නොලැබෙන බවත් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපේක්ෂා කරන බවත් විවිධ වූ ජාවාරම්කරුවන් සහ වරෙන්තුකරුවන් ග්‍රහණයට ගැනීමට සූදානමින් සිටින බවත්ය.
මෙම මෙහෙයුම් අඛණ්ඩව දින ගණනාවක් පුරා දිවා හා රාත්‍රී කාලයේදී පැවැත්වෙන බවත් එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය ද ඉතා අගය කරන බවත්, ජනතාව දන්නා තොරතුරු අදාළ නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.