පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක්- ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා- රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

    මාර්තු 23, 2021

    රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේ දී නිසි නියාමනයක් සිදුවිය යුතු බැවින් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රමවේදයක් ඉදිරිපත් කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා විසින් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, යම් නියාමනයකට අනුව එය සිදු කළ යුතු බවත් සමේ ආලේපනය කරන මෙම සංවේදී ද්‍රව්‍ය ප්‍රමිතියකට අනුව ආනයනය කළ යුතු බවත් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් වී මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    රූපලාවන්‍ය ද්‍රව්‍යය ආනයනය කිරීම පසුගිය වසර කිහිපයේ සියයට සියයකින් වැඩි වී ඇති බවත් 2015 වසරේ ජාතික ඖෂධ නියාමන පනතෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය යන පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් කිසිදු නියාමනයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උවමනාව මත මෙය සිදු වී ඇතැයිද මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya