පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    සිංහරාජයේ වැවක් ඉදිකිරීමක් ගැන මාධ්‍ය වැරදි ප්‍රචාරයක් සිදු කරනවා-වාරිමාර්ග අමාත්‍ය

    මාර්තු 23, 2021

    සිංහරාජ රක්ෂිත වනාන්තරයේ වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙන බවට ඇතැම් මාධ්‍ය වැරදි ප්‍රචාර ගෙන යන බවත් නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයි ද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

    සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව වැව් දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් මෙය වසර ගණනාවක සිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු යෝජනාවක් බවත් රටේ ජනතාව අවුස්සන්නේ නැතිව නිවැරදිව කෙරෙන්නේ කුමක්දැයි සොයා බලා වාර්තා කළ යුතුයැයිද අමාත්‍යවරයා කීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(23) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

    මීට වසර 90කට පමණ පෙර සිට කළු, ගිං, සහ නිල්වලා ගංගා වල වතුර ඊසාන දෙසට ගෙනයාමේ සැළැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වූ බවත් එහෙත් කිසිදු රජයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූයේ නැති බවද අමාත්‍යවරයා කීය. ජල පිපාසයෙන් පීඩාවට පත් වූ විශාල ජනතාවක් එම ප්‍රදේශ වල සිටින බවත් තවද ගං වතුර වළක්වා ගැනීමද මෙහි අරමුණ පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම ව්‍යාපෘතිය කවදා හෝ සිදුකළ යුතු ව්‍යාපෘතියක් බවද කීය.
    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ එමගින් විශාල හානියක් සිදුවන්නේද යන්න පිළබඳව අධ්‍යනය කරන ලෙස යුනෙස්කෝවෙන්ද ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya