පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    "හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථානයක් පන්නල දී ඇරඹේ

    මාර්තු 23, 2021

    "හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථානයක් ඊයේ (22) දින පන්නල දී බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින්සංකල්පයක් මත බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව මෙම "හෙළ සළු පියස" පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමේ සංකල්පය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    "හෙළ සළු පියස" නමින් ආරම්භ වන මෙම මධ්‍යස්ථානය සුවිශේෂී තැනක් ගන්නේ මෙය බතික් සහ අත්යන්ත්‍ර යන ක්ෂේත්‍ර දෙක ම ජනතාව හට පුහුණුව ලබා දෙන ස්ථානයක් මෙන්ම අමුද්‍රව්‍ය යෙදවුම් ලෙස ලබා දී ලැබෙන නිමවුම අළෙවි කරන අවසන් ක්‍රියාව දක්වාම සිදු කරන සියල්ලම කැටිකොට ගත් සුවිශේෂී පුහුණු මධ්‍යස්ථානයකි.එසේම පන්නල ප්‍රදේශය අවට පුළුල් වපසරියක් තුල ඇති ස්වයංක්‍රීය නූල් එතුම් යන්ත්‍රය ඇත්තේ ද මෙම මධස්ථානයේය.

    මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයට නව මුහුණුවරක් ලබා දීමට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් තාක්ෂණය ආයතනය එක්ව කටයුතු කර ඇති අතර ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමට මෙම සංකල්පය මහත් පිටුවහලක්ද වනු ඇත.

    මෙවැනි බතික් වගේම අත්යන්ත්‍ර පුහුණු,නිෂ්පාදන හා අළෙවි මධ්‍යස්ථාන දිස්ත්‍රික්කයකට එක බැගින් ලබා දීමට කටයුතු කරනබවත්,මෙම ඇගළුම් ක්ෂේත්‍රයෙහි ඇතිව තිබෙන නව ප්‍රවනතාවය අනුව ඉදිරි පස් අවුරුද්ද තුළ දිවයින පුරා බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමටද කටයුතු කරන බවත් මේ වන විට මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාව සදහා බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා,වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා, වයඹ පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂවරුන්,බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු,ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි අධ්‍යක්ෂවර,වයඹ පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි සහකාර අධ්‍යක්ෂ,වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් ද මේ අවස්ථාවකට සහභාගි විණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya