ස්ථාවර නියෝග 27/2යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිළි කළේය.
අවසන් වරට ග්‍රාම නිළධාරින් බඳවා ගැනීමේ විභාගයක් පවත්වා ඇත්තේ වර්ෂ 2016 බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.තවද ග්‍රාම නිළධාරින් සුදුසු වැටුප් තලයක පිහිටවීමට වැටුප් සේවා කොමිෂන් සභාවට යොමු කර ඇති බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය හරහා අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දෙන නිර්දේෂ අනුව ඉදිරි කටයුතු සිදු කරන බව ද කීය.
පසුගිය කොරෝනා වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ද ග්‍රාම නිළධාරීවරුන් විසින් අඛණ්ඩව සිය සහයෝගය ලබා දුන් බවත් විශේෂ ඉන්ධන දීමනාවක්,සන්නිවේදන සහ ගමන් වියදම් දීමනා ලබා දුන් බවද පෙන්වා දුන්නේය. තවද අවස්ථානුකූලව තවත් විශේෂ දීමනාවන්ද ලබා දීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.