ඒ අනුව “ 1997 ” වෙත ලබා දුන් තොරතුරු මත 2021.03.18 වන දින වැලිකන්ද පොලිස් වසමේ අනවසර වැලි ගොඩ දැමීමක් සම්බන්ධව හා මැදවච්චිය පොලිස් වසමේ කැලෑබද ප්‍රදේශයක් අනවසරින් එලි පෙහෙලි කිරීමක් සම්බන්ධව පහත වැටලීම් සිදු කර ඇත.
1. 2021.03.18 වන දින සවස 03.45 වැලිකන්ද පොලිස් වසමේ නාමල්ගම මාදුරු ඔයේ බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් වැලි ගොඩදැමීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයේන් සැකකරුවන් දෙදෙනෙකු ට්‍රැක්ටර් රථ 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 30, 334 ක් වූ නාමල්ගම, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන 2021.03.19 වන දින මනම්පිටිය ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 10000.00 බැගින් දඩ නියමකර ඇත.
2. 2021.03.20 වන දින දහවල් 1.30 මැදවච්චිය පොලිස් වසමේ කෝනකුඹුක්වැව කැලෑබද ප්‍රදේශයක් අනවසරින් ඩොසර් රථයක් යොදා ගනිමින් එලි පෙහෙලි කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සෙට්ටිකුලම කදවුරේ නිලධාරීන් විසින් ඩෝසර් රථයක්ද සමග අත්අඩංගුවට ගෙන මැදවච්චිය, කිරිගල්ලෑව අඩවි වන නිලධාරීන් වෙත භාරදී ඇත. මැදවච්චිය, කිරිගල්ලෑව අඩවි වන නිලධාරී කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.