පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා වසංගතය හමුවේ වුවද විනිමය අනුපාතය පාලනයක් කළා- රජය බදු සහන පැකේජයක් ලබා දුන්නා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 23, 2021

    ලෝකය පුරා පවතින කොරෝනා වසංගතය හමුවේ ඉතා අපහසුවෙන් වුවද රජය විනිමය අනුපාතය පාලනය කරගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    වෙළෙඳපළ භාණ්ඩ මිල ඉහළ යාම සඳහා විනිමය අනුපාත ඉහළයාම ඇතුළු සාධක රැසක් බලපා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

    රේගු ආඥා පනතේ දහ වන වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් පිළිබඳ විවාදය අරඹමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව කීය.

     

    රජය බලයට පත් වූ විගස ණය සහන පැකේජයක් ලබා දුන් බවත් , ඉඩම් ලීසිං ඇතුළු විවිධ වෙන්දේසි නතර කළ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2015 සිට 2019 දක්වා අසීමිත ලෙස බදු පනවා විශාල බදු ආදායමක් ලබා ගැනීම පසුගිය රජයේ ඉලක්කය වුවද මේ නිසා ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වූ බවත් ජනතාවට උසුලා ගත නොහැකි බදු හිටපු රජය ජනතාව මත පැට වූ බවද කී අමාත්‍යවරයා, බදු පැනවීමෙන් පමණක් භාණ්ඩ මිල අඩු කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

    වැට් බදු අඩු කිරීම ,ජාතිය ගොඩ නැගීමේ බද්ද අහෝසි කිරීම, උපයන විට ගෙවන බද්ද අඩු කිරීම වැනි බදු සහන ලබා දෙමින් ,කිසිම රාජ්‍ය නායකයෙකුට කළ නොහැකි කාර්යයක් ඉතා පිරිමැසුම්දායක පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ඉටු කර ඇතැයිද වෙළෙඳ අමාත්‍යවරයා කීය. එක් භාණ්ඩයක් සඳහා පමණක් නොව සියළුම භාණ්ඩ සඳහා තිබූ බදු බර අඩු කළ බවත් රජය බදු සහන පැකේජයක් ලබා දුන් බවත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya