පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    නාරා ආයතනය තුළින් ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් සිදු වෙනවා- ධීවර අමාත්‍ය

    මාර්තු 24, 2021

    නාරා ආයතනය තුළින් ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් සිදු වෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් නාරා ආයතනය මඟින් සිදු කරමින් සිටින බව (22 දින) නාරා ආයතනයට බඳවා ගත් නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ධීවර අමාත්‍යංශය යටතේ තිබෙන වැදගත් ආයතනයක් වන නාරා ආයතනය තුළින් ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා විශාල වශයෙන් පර්යේෂණ වල නිරතව සිටින බවත්, ඒ තුළින් ලබාදෙන නිර්දේශ හා නිගමනයන්ට අනුව ධීවර ක්ෂේත්‍රය වැඩි දියුණු කළ හැකි බවත්,රටේ සංවර්ධනයට ධීවර කර්මාන්තය විශාල කාර්යභාරයක් ඉටු කිරීමේ දී රාජ්‍ය ආයතනය තුළ පවතින සේවක හිඟයට පිළියමක් ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම නව පත්වීම් ලබා දීමට හැකි වූ බව රට තුළ පවතින කොරෝනා තත්ත්වය හා ආර්ථික අපහසුතාවය මාධ්‍ය වුවද මෙම පත්වීම් ලබා දීම තුළ අමාත්‍යාංශයක් ලෙස අප බලාපොරොත්තු වන්නේ දැනට මෙම ආයතනය මගින් සිදුකරන කාර්යය වඩාත් කාර්යක්ෂමව කිරීමයි.එය එලෙසම ඉටු වේ යෑයි අද දින නව පත්වීම් ලබාගත් නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පවසන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියේ ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය රඳා පවතින්නේ නාරා ආයතනය මගින් ලබාදෙන නිර්දේශ හා නිගමනයන්ට අනුව බවත් එම කාර්යයන් වඩාත් වැඩි දියුණු කිරීම සඳහා අපගේ රජය රාජ්‍ය ආයතන වලට හා රාජ්‍ය නිලධාරීන්ට ලබා දිය හැකි උපරිම සහන ලබාදෙමින් සිටින අතර ඒවා ප්‍රයෝජනයට ගෙන රටේ සංවර්ධනය හා ජනතාවගේ අවශ්‍යතාවයන්ට උපරිම සේවයක් ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස තම වගකීම වියයුතු බව ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා,නාරා ආයතනයේ සභාපති නවරත්න රාජා අධ්‍යක්ෂ ජනරාල් පාලිත කිත්සිරි මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya